අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි.!

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය මේ වනවිට නිවේදනය කර තිබේ.

අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කර ඇත.

එමෙන්ම www.wbb.gov.lk යන සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙඩ් අඩවියේ ද එම නාමලේඛනය පළ කර තිබේ.

දෙවන අදියරේ තොරතුරු එක්රැස් කිරීමේදී ලබාදී ඇති තොරතුරුවල යම් වැරැද්දක්, වෙනස්කමක් තිබෙන බවට හැඟී යන සහ සුදුසුකම්ලාභින්ගේ නම් ලැයිස්තුවේ තමාගේ නම සඳහන් වී නොමැති අයදුම්කරුවන්ට අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය.

අස්වැසුම 2 අදියර සඳහා මූලික අයදුම්පතක් ඉදිරිපත් කළ ද නිවාස තොරතුරු එක්රැස් කිරීමට රජයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු තම නිවසට නොපැමිණියේ නම් එවැනි අයදුම්කරුවන්ටද අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *