හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 11දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද (01) නියෝග කළා.
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට යන චෝදනාව යටතේ ශෂී වීරවංශ මහත්මියට මෙම නඩුව පවරා තිබුණා.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියා.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක සාක්ෂි විභාගයට පෙනී සිටින බැවින් පැමිණිල්ල කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව නඩු විභාගය කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
එච්. චමින්ද නමැති පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ශෂී වීරවංශ මහත්මිය විත්තිකාරිය කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.
මෙම චෝදනාවට වසර දෙකක සිරදඬුවම් නියම වී සිටි ශෂී වීරවංශ මහත්මිය 2022 වසරේ මැයි මස 31 වන දින ඇප මත මුදාහරිනු ලැබුවා
ප්‍රතිචාරයක් ලබාදෙන්න