රුපියල් මිලියන 50 ඉක්මවූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබූ සහන කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මෙම වසරේ මාර්තු (31) වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා ආරම්භ කළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් අදාළ සහනය හිමිවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.
රුපියල් මිලියන 25 – 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදුන් සහන කාලය, ලබන සැප්තැම්බර් (30) වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේදී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.
මේ අතර පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස 3කට අත්හිටුවා තිබුණි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න