සජබ මන්ත්‍රී පිරිසක් ජගත් විතානගේ නිවසේ හිර කරගෙන.!

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ඉන් තේරී පත්වුණු මන්ත්‍රීවරුන්, මේ වනවිට නිවාස අඩස්සියේ තබාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

මතුගම ප්‍රාදේශිය සභාව වෙනුවෙන් තේරී පත්ව ඇති මන්ත්‍රීවරු පිරිසක් මෙලෙස නිවාස අඩස්සියේ පසුවන බව වාර්තා වේ.

මතුගම ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සඳහා වන රැස්වීම හෙට (30) පැවැත්වීමට නියමිතව බැවින් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 8 දෙනෙක් පමණ මෙලෙස රඳවා තබාගෙන සිටින බව සඳහන් වෙයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා විසින් මන්ත්‍රීවරයාට අයත් හොරණ- මතුගම පාරේ නෑබඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහ ගෙදර මෙලෙස මන්ත්‍රීවරුන් රඳවාගෙන සිටින බවට පැවසේ.

ඔවුන්ගේ ජංගම දුරකතන සියල්ල ද අදාල මන්ත්‍රීවරයා විසින් ලබාගෙන ඇති අතර, මේ වනවිට අදාල මන්ත්‍රීවරුන් කිසිවෙක්ට බාහිර සමාජය සමග ගනුදෙනු කළ නොහැකි ආකාරයට හුදෙකලා කර තිබෙන බව සඳහන්.

හෙට පැවැත්වීමට නියමිත මතුගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත්කරගැනීමේ ඡන්දයේදී, ජගත් විතාන මහතාට විරෝධය පා සමගිජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජාතික ජන බලවේගය ට සහය දැක්වීමේ සූදානමක් ඇති බවට දැනගන්න ලැබීමත් සමග එය වැලැක්වීමේ අරමුණින් මෙලෙස එම පක්ෂයේ මන්ත්‍රීවරුන් නිවාස අඩස්සියේ තබාගෙන සිටිනා බව සඳහන්.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මතුගම ප්‍රාදේශිය සභාව ජාතික ජන බලවේගයට හිමිවූ මන්ත්‍රීධූර සංක්‍යාව 13ක් වන අතර සමගි ජන බලවේගයට හිමිවුයේ මන්ත්‍රීධූර 10ක් පමණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *