හිටපු ධිවර විෂය භාර අමාත්‍යවරයකු වන රාජිත සේනාරත්න සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දී ඇත.
දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඊයේ (27) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුව ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න