වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි.!

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *