ආචාර්ය හර්ෂණ මුදල් ලේකම් ධූරයට.!

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ බව සඳහන් කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේය.

මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය පිරවීම වෙනුවෙන් සූරියප්පෙරුම මහතා පසුගිය සතියේ දී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *