දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
පැය දෙකකට අධික කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබේ.
දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිවරුන් මෙන්ම සහකාර කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
වර්තමානයේ බන්ධනාගාර තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න