එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් අද දිවයිනට.!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඔහු අද සිට ලබන 26 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවය.

2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බව සඳහන් වේ.

සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද හමුවීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

එමෙන්ම මෙරට මානව හිමිකම් කොමිසම සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *