ජනාධිපති සමාව අනීතිකව යොදාගනිමින් බන්ධනාගාර රැඳවියන් 30 දෙනෙකු කිසිදු ලියවිල්ලක් නොමැතිව බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.
ජනාධිපති සමාව හරහා බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී මේ සම්බන්ධව හෙළිවී ඇත.
මම රැඳවියන් විවිධ කාණ්ඩ යටතේ නිදහස් කර ඇති අතර ඔවුන් නිදහස් කර ඇත්තේ, කුමන පදනමකින්ද යන්න පිළිබඳ ද සොයා බලන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපති සමාව අනීතිකව යොදාගනිමින් බන්ධනාගාර රැඳවියෙක් නිදහස් කිරීමට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මේ වනවිට බන්ධනාගාරගතව සිටියි.
මේ අතර ජනාධිපති සමාව හිමිවූ පුද්ගලයන් 37 දෙනෙකු නිදහස් නොකිරීම සම්බන්ධව වාර්තා වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න