නාමල් රාජපක්ෂ, ජානකී, පියුමාලි ක්‍රිෂ් වංචාවේ පෝලිමේ.! රවී විද්‍යාලංකාරට රු.ලක්ෂ 750ක වංචා චෝදනාවක්.!

කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නිවාස 5ක් මිලදීගෙන ඇති ව්‍යාපාරිකයෙක් ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ, පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ(FCID) ප්‍රධානියා ලෙස කටයුතු කළ, එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාරට එරෙහිවය.

රවී විද්‍යාලංකාර තමාගෙන් රුපියල් ලක්ෂ 750ක් ලබාගෙන, එම මුදල වංචා කළ බව පවසමින් මෙම ව්‍යාපාරිකයා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, ජානකී, පියුමාලි ඇතුළු පිරිසක්ද මෙම ගැටලුවට සම්බන්ධ බවද ව්‍යාපාරිකයා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තමා මීට පෙර නඩු 7ක් පවරා ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 15 වතාවක් පමණ පැමිණිලි කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *