හම සුදුකරන කිරිපිටි හොර පාරෙන් කටුනායකට ඇවිත්.! දෙදෙනෙක් අත්අඩංගුවට.!

රුපියල් ලක්ෂ දහ අටක් වටිනා සිරුර පැහැපත් කිරිමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179 ක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ , කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඔවුන් දෙදෙනා ඊයේ උදෑසන 09.17 ට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 45 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව මෙම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *