මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් අද (27) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත ජ.වි.පෙ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් පැවති මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී දෙරට අතර ආර්ථික හා වෙළඳ කටයුතු වැඩිදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක අලි ෂරීෆ් (Ali Shareef) මහතාද පළමු ලේකම් අහමඩ් අසීම් (Ahmed Azim) මහතාද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නීතිඥ මධූ කල්පනා සහෝදරියද සහභාගී වී සිටියහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *