ජනතාව වෙනුවෙන් සිය පෑන හසුරවමින් මාධ්‍යකරණයේ නිරත වූ ලසන්ත වික්‍රමතුංග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ඝාතනයට ලක්ව අදට වසර 16කි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා ලෙස ලසන්ත වික්‍රමතුංග ජනතාව ඉදිරියේ බොහෝ වංචා දූෂණ හෙළිකළේ සිය දිවිය ද දෙවෙනි කොට සලකමින්ය.
කිසිවෙකුට ළඟාවිය නොහැකි තොරතුරු වෙත සූක්ෂ්මව ළඟාවීමේ හැකියාවක් පිහිටි මේ ගවේෂණාත්මක මාධ්‍යවේදීයා රටට හෙළිකළ බොහෝ තොරතුරු ඔහු නොවන්නට සදහටම සැඟවෙන්නට ඉඩ තිබුණි.
මේ නිසාම ඔහුගේ ජීවිතයට තර්ජන එල්ලවූයේ වරක් දෙවරක් නොවේ.
අවසානයේ 2009 වසරේ ජනවාරි 8 වෙනි දා උදෑසන 10.25ට ලසන්තගේ ජීවිතය උදුරාගන්නට ඔහුගේ පෑනට බිය වූ පිරිසකට හැකි විය.
සුපුරුදු පරිදි සේවා ස්ථානයට යමින් සිටි ලසන්ත විකුමතුංග ආයුද සන්නද්ධ මැරයින් අත්තිඩිය පාරේදී මරාදමන විට ඔහු සන්තකයේ තිබුණේ පෑනත්, සටහන් පොතත් පමණි.
අන්තර්ජාතික තලයේදී විශිෂ්ට සම්මාන ගණනාවකින් ඇගයූ ලසන්ත, නොබියව කළ මෙහෙවර වෙනුවෙන් ඝාතනයෙන් පසුවත් අයි.පී.අයි. වර්ල්ඩ් ප්‍රෙස් ෆ්‍රීරීඩම් හීරෝ සම්මානයෙන් ඇගයීමට ලක් කළේ ය.
මේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා නිහඬ කළ මැරයින් නිදැල්ලේ පසුවෙද්දී ඔහුගේ මරණය කරපිටින් ගොස් පසුගිය සමයේ ආණ්ඩු පවා මාරුවීම් සිදුවිය.
2016 සැප්තැම්බර් මාසයේ 27 වෙනි දා ලසන්තගේ සිරුර යළි ගොඩගත් අතර සැකකරුවන් කිහිපදෙනෙකු නීතිය හමුවට ඉදිරිපත් කළත් ඉන් පසුව ක්‍රියාවලිය ඇල්මැරිණි.
එහෙත් අදවන තුරුම ඔහු වෙනුවෙන් යුක්තිය ඉටුවී නොමැත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න