අශෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයකු පත්කර ගැනීම නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පාර්ලිමේන්තුව ආරම්භයේදී සිදුවිය.
එහිදී කථානායක ධුරය සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතාගේ නම අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් යෝජනා කරනු ලැබූ අතර එය ස්ථිර කරනු ලැබුවේ ඇමැති බිමල් රත්නායක මහතා විසිනි.
කථානායක ධුරය සඳහා වෙනත් නාම යෝජනා ඉදිරිපත් නොවූ නිසා ඔහු නිතරගයෙන් කථානායක ධුරය සඳහා තේරී පත්විය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න