මාස 15ක යුද්ධය අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමකට.!

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එළැඹ තිබේ.

ඒ, ගාසා තීරයේ මාස 15ක් පුරා පැවති යුද්ධය අවසන් කරමිනි.

ගාසා තීරයේ සිටින ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම සහ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඉතිරි සියලු ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇතුළත් ගිවිසුම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර තිබේ.

මෙම ගිවිසුම බලාත්මක වන්නේ, ජනවාරි 19 වන දා සිට බව ත් එහිදී අදියර කිහිපයක් යටතේ ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2023 ඔක්තෝබර් 7 වන දා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර දුන් අතර, එහිදී පුද්ගලයින් 1,200ක් පමණ මිය ගොස් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගන්නා ලදී.

හමාස් සංවිධානය මෙහෙයවන සෞඛ්‍ය අමාත්‍යාංශය අනුව මෙම ප්‍රහාරවලින් පලස්තීනුවන් 46,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ය.

Spread the news

Comments

“මාස 15ක යුද්ධය අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමකට.!”ට එක් ප්‍රතිචාරයක්

  1. Thennakoon Ranbanda Avatar
    Thennakoon Ranbanda

    අපක්ෂපාති මාද්‍ය භාවිතයට අපගේ උණුසුම් ස්තුතිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *