ජනපති අනුර අද ඉන්දියාවට… ප්‍රබලයන් රැසක් සමග සාකච්ඡා…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු විදෙස් සංචාරය ලෙස අද (15) දිනයේ සිට ලබන 17 වැනිදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙයි.

ජනාධිපතිවරයාගේ පළමු සංචාරයේදී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, අනතුරුව ජනාධිපතිවරයා ඉන්දීය රජයේ තවත් ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.

එමෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාව අතර ආයෝජන හා වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික වැඩසටහනකට ද එක්වීමට නියමිතය.

අනතුරුව ජනාධිපතිවරයා බුද්ධ ගයාවේ සංචාරය කිරීමට නියමිත අතර ජනාධිපතිවරයා සමඟ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙම සංචාරයට එක්වීමට නියමිතය.

Spread the news

Comments

One response to “ජනපති අනුර අද ඉන්දියාවට… ප්‍රබලයන් රැසක් සමග සාකච්ඡා…”

  1. ජය වේවා. අප රටට ජයග්‍රහණ රැසක් හිමි කරදීමටත්. දෙරට අතර සුහදතාවය ශක්තිමත් කරගැනීමටත් ඔබ තුමාගේ මේ සංචාරය ඉවහල් වේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *