අද කොළඹට පැය 10ක ජල කප්පාදුවක්.

කොළඹ 01 සිට 15 දක්වා සහ ප්‍රධාන නගර කිහිපයකට අද (23) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, අද පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය. 

ඒ අනුව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම හා බොරලැස්ගමුව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇත.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුකිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *