බෙලිඅත්තේ කම්මලක තුවක්කු හදලා.. උණ්ඩයක් පිපිරීමෙන් වැඩේ මාට්ටු.!

බෙලිඅත්ත පොලිස් වසමට අයත් පුවක්දණ්ඩාව දෙවන විස්කම්පුර ප්‍රදේශයේ කම්මලක් තුලදී පෙරේදා (02) දහවල් 12ට පමණ බෝර 12 පතොරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනිඅවියක උණ්ඩයක් පුපුරා යෑමෙන් කම්මල්කරු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූ කම්මල්කරු ගල්කටස් ගිනිඅවියක් නිපදවමින් සිටියදී හෝ ගිනිඅවිය අලුත්වැඩියා කරමින් සිටියදී එහි උණ්ඩය පුපුරා යන්නට ඇතැයි පොලිසිය සැකකරන බව ‘දිනමිණ’ පුවත්පත වාර්තා කර තිබේ.

තුවාල ලබා ඇත්තේ පුවක්දණ්ඩාව, දෙවැනි විස්කම්පුර, බෝගහ කොරටුව ලිපිනයේ පදිංචි 49 හැවිරිදි කම්මල්කරුවෙකි.

ඔහු කම්මල් වැඩකිරීම සහ ස්වර්ණාභරණ නිපදවීම රැකියාව කරගත් අයෙකු බව පොලිසිය පවසයි.

තුවාලකරු පවුලේ ඥාතීන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයක් මගින් වහා තංගල්ල මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර, උණ්ඩයේ කුඩා යකඩ කැබලි වැදීමෙන් ඔහුගේ උදරයට බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *