ගෝඨා CIDයට කැඳවූ කතරගම ඉඩමේ යටගියාව මෙන්න..කරුණු හෙළිකළාට පුවත්පතකුත් එදා සීල් තියලා.!

කතරගම ප්‍රදේශයේ දේපළක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ඊයේ කැඳවා තිබූ අතර, මීට පෙර එම කාරණය සම්බන්ධයෙන්ම ප්‍රශ්න කිරීමට යෝෂිත රාජපක්ෂවද කැඳවා තිබිණි.

කෙසේ වුවද පැය දෙකක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ CIDයෙන් පිටව ගියේය.

ඔහු වෙනුවෙන් එහි පැමිණ සිටි නීතිඥයෙක් ජනමාධ්‍ය ඉදිරියේ කියාසිටියේ ගෝඨාභය රාජපක්ෂ මෙම චෝදනාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

කෙසේවෙතත් CID සිදුකරන මෙම විමර්ශනයට අදාළව සැබෑ කතාව හෙළිවන්නේ මෙසේය.

2010 වසරේදී කතරගම මෙම ඉඩම සම්බන්ධයෙන් මුල්වරට අනාවරණය කෙරුණේ ‘ලංකා’ පුවත්පත විසිනි.

එවකට රටේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ වූ අතර, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා විය.

මෙම ඉඩම ගැන වාර්තා කිරීමෙන් අනතුරුව ලංකා පුවත්පත් කාර්යාලයට CID නිලධාරීහු කඩාවැදී පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා අත්අඩංගුවට ගැනිණි.

තමාගේ සම්බන්ධයක් “නෑ” කියා ගෝඨාභය රාජපක්ෂ අද ප්‍රකාශ කෙරුවද එදා මෙම ඉඩම සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකළ ලංකා පුවත්පත තහනම් කෙරිණි.

එම පුවත්පත එදා තොරතුරු අනාවරණය කළ අයුරු පහළින්..

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *