ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ එකඟත්වයක්.!

ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමග එකඟතාවකට පැමිණි බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කර තිබේ.

ඊශ්‍රායලයේ ආරක්ෂක මණ්ඩලය අද (17) පස්වරුවේ රැස්වීමට නියමිත අතර, එහිදී ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කරුණු දක්වනු ඇති බව වාර්තා වේ.

අමෙරිකානු බලධාරීන් ද එළැඹෙන ඉරිදා බලාත්මක කිරීමට අපේක්ෂා කරන සටන්විරාම ගිවිසුම මගින් ගාසා තීරයේ සටන් නතරවනු ඇති බවත්, ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමට හැකිවනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *