ගාල්ලේ සමනල ගැහිල්ලක් මාට්ටු.!

විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ගාල්ල සමනළ ක්‍රිඩාංගණයේ පැවැත්වූ වැඩසටහනක් සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරිමකින් තොරව වෙළද කුටියක් රුපියල් 170,000 බැගින් වෙළද කුටි 30ක් මිලදී ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

මෙකි වෙළද කුටි පෞද්ගලික ආයතනයක් මගින් මිලදි ගෙන තිබු අතර, 2022 වසරේ ඔක්තොබර් මස 15 හා 16 යන දෙදින තුල ගාල්ල සමනළ ක්‍රිඩාංගණයේදී මෙකි වැඩසටහන පවත්වා තිබේ.

වෙළද කුටි මිලදි ගැනිමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරිම සම්බන්දයෙන් විශේෂ පරික්ෂණයක් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

මේ පිළිබද විදේශ කාර්යාංශයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කර ඇත්තේ, මෙකී වැඩසටහනට අදාළ වෙළද කුටි ලබාදීම සදහා ප්‍රසම්පාදන කාර්යය සිදුකොට ඇත්තේ රේඛිය අමාත්‍යංශය විසින් බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *