නාවක්කාඩුවේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් නොරොච්චෝල පොලිස් වසමෙන් වාර්තා වෙයි.

නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී කාලයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා හා එක් කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 38ක් සහ මරණකාරිය වයස අවුරුදු 35ක් බවත් ඔවුන් නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.

පුද්ගලික ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වයස අවුරුදු 23ක් වන නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබයි. 

නොරොච්චෝල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *