අධික වර්ෂාවත් සමග අඹුසැමි යුවළක් ජල පහරකට හසුවෙයි

වැලිමඩ බොරලන්ද කන්දේපුහුල්පොල ප්‍රදේශයේදී ජල පහරකට හසු වී ගසාගෙන ගොස් අඹුසැමි යුවළක් අතුරුදන්ව තිබේ.

ඊයේ (17) සවස වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග මොවුන් දෙදෙනා මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රිය පුරා ප්‍රදේශවාසින් විසින් මෙම යුවළ සෙවීමේ කටයුතු කර ඇති අතර එහිදී කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවකි.

අතුරුදන්ව ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙකි.

අතුරුදන්ව ඇති පුද්ගලයා සොයා මෙහෙයුම් කටයුතු සිදුකරන බව වාර්තාවේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *