චීනයේ ග්‍රැවිටි-වන් රොකට්ටුව සිදුකළ දෙවැනි අභ්‍යාවකාශ මෙහෙයුම.

සාගරය මත ස්ථානගත කළ නෞකාවක සිට, දෙවන වරටත් ග්‍රැවිටි-වන් රොකට්ටුව අභ්‍යාවකාශය වෙත දියත් කිරීමට චීනය ඊයේ කටයුතු කළේය.

ඒ එරට ෂැන්ඩොන්ග් ප්‍රාන්තයේ හයියන්ග් වෙරළට ඔබ්බෙන් වූ සාගරයේ සිටය.

එම රොකට්ටුව මගින්, කක්ෂගත කිරීම සඳහා චන්ද්‍රිකා තුනක් අභ්‍යවකාශය වෙත රැගෙන ගොස් තිබේ.

එම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ තයියුආන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය මගින්ය.

2024 වසරේ ජනවාරි සිට ග්‍රැවිටි-වන් රොකට්ටුව සිදුකළ දෙවැනි අභ්‍යාවකාශ මෙහෙයුම මෙය වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *