චාමර සම්පත්ගේ තවත් වැඩක් මාට්ටු.!

බදුල්ල දිස්ත්‍රික් පා.ම චාමර සම්පත් දසනායකගේ බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීම මත සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර නොදුන් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ‌කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තීරණය කළ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පසුගියදා පැවසූවේය.

කෝප් කමිටුව හමුවේ තොරතුරු අනාවරණය වීමෙන් පසු සභාපතිවරයා මෙම තීරණය ගෙන ඇති අතර අදාළ සමාගම අධිකරණයට දිවුරුම් පෙත්සමක් ලබාදී මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ කරුණු අනාවරණය කර ඇතැයිද සභාපතිවරයා ඒහිදී ප්‍රකාශ කළේය.

කෝප් කමිටුවේදී මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති විරාජ් සිල්වා මහතා පැවසුවේ එම ගිවිසුම තමා හිතා මතා කල් නොදැමූ බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *