තමන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන්නැයි රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඔහු එම බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ රඳවා ඇති අතර, පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් රඳවා සිටින්නේ ද ‘එම්’ වාට්ටුවේ බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා සමග තවත් රැඳවියන් අට දෙනෙකු පමණ එම් වාට්ටුවේ රඳවා ඇති බවත් වාර්තා වේ.
සාමාන්‍යයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන රැඳවියන්ට ලබා දෙන පහසුකම් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට ද ලබා දී ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ අනුව පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් මන්ත්‍රීවරයාට ද ලබා දී තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න