බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ නිල සංචාරයක.

රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් රොඩ්නි ස්ටාමර් ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ඉන්දියාවේ සිය පළමු නිළ සංචාරය සනිටුහන් කරමින් එරටට පැමිණි කියර් රොඩ්නි ස්ටාමර් මුම්බායිහී දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ඇති බව සඳහන් වේ.

දෙරට අතර ව්‍යාපාරික හා වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඓතිහාසික සංචාරය ඉවහල් වනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර නව වෙළෙඳ ගිවිසුමට අනුව බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා වන තීරුබදු සියයට 15 සිට සියයට 3 දක්වා අඩු කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *