මුල්ලිවයික්කාල් වලින් බෝම්බ වලක් මතුවෙලා…

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ බෝම්බ වලක් මතුවී ඇති බව වාර්තා වේ.

පසුගිය දිනවල පැවති තද වැසි හේතුවෙන් එම ප්‍රදේශයේ පස සේදීයාමත් සමග මෙම බෝම්බ වලක් මතු වී ඇති බව මුලතිව් පොලීසිය සදහන් කරයි.

පස සේදීයාමත් සමග මතුවු බෝම්බ වලේ විවිධ වර්ග වලට අයත් බෝම්බ 40ක් පමණ ඇති බවත් එම බෝම්බ තොගය යුද සමයේදී LTTE සංවිධානය විසින් වළ දමන ලද බෝම්බ තොගයක් බව පොලීසිය සදහන් කරයි.

එම ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් මෙම බෝම්බ වල දැක ඇති අතර අනතුරුව මුලතිව් පොලීසියට ලබාදුන් දුරකතන පණිවුඩයකින් පසුව පොලීසිය පැමිණ එම ස්ථානය ආරක්ෂා කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *