කොළඹ වරාය ආසන්න මුහුදේ පුද්ගල මළසිරුරක්.

කොළඹ වරාය අදානි පර්යන්තයේ ජැටිය ආසන්නයේ මුහුදේ පුද්ගල මළසිරුරක් ඇති බවට ලද තොරතුරක් මත කොළඹ වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. 

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැත.

මරණකරු උස, අඩි 05ක් පමණ වන පුද්ගලයෙකි. කොණ්ඩය මදක් වැවී ඇත. මෘතශරීරය නරක්වී හඳුනාගත නොහැකි තත්ත්වයේ ඇති අතර නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටි බවද පොලීසිය පවසයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *