පාතාල කල්ලි එක්ක සබඳතා පැවැත්වූ බන්ධනාගාර ලොක්කෝ 15ක් ගෙදර යවයි.!

සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු පාතාල කල්ලි සමග සම්බන්ධතා පවත්වන බවට තොරතුරු ලැබී ඇති බන්ධනාගාර නිලධාරීන් 15ක් සේවයෙන් ඉවත් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සදහන් කරයි.

නිලධාරින් 175 දෙනකුගේ පමණ සේවය මේ වනවිට අත්හිටුවා ඇති අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වෙන බවත් පාතාල අපරාධකරුවන්ගේ සිර කුටි දිනපතා දැඩි සෝදිසියකට ලක්කරන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

ඉදිරියේදී දිවයිනේ සියලුම බන්ධනාගාර වලට ජෑමර් සවිකර පාතාල ක්‍රියාකාරකම්වලට වැට බඳින බවත් දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ සියලු නිලධාරීන්ට තරා තිරම නොබලා දඬුවම් ලබාදෙන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *