සර්වජනබලයේ ලංකාපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී පහරදීමෙන් ස්වේච්ඡා සහන සේවකයෙක් මියයයි

ස්වභාවික ව්‍යසනයෙන් අවතැන්භාවයට පත් වූ මෙන්ම සහන සේවකයෙකු ලෙස කල පුද්ගලයෙකු පරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ දිලිත් ජයවීරගේ සර්ව ජන බලය පක්ෂයේ අල්හිලාල්පුර කොට්ඨාසයේ මන්ත්‍රී මුහම්මදු කාසිම් අබ්දුල් සමඩ් නැමැත්තා ලංකාපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අංක 116, ගල්වල පාර, අල්හිලාල්පුර, තඹාල ලිපිනයේ පදිංචි මෙම මන්ත්‍රී ව්‍යසනයට පත් ජනතාවට වියළි ආහාර අඩංගු සහනාධාර බෙදාදීම සඳහා පැමිණ ඇති අතර ග්‍රාම නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් රජය විසින් සකස් කරන ලද ආපදාවට ලක් වූවන්ගේ සත්‍ය නාමලේඛනය ඉවත් කර තමන්ට හිතවත් පිරිසකගේ නම් ලේඛණ ගත කර සිය සහන මලු බෙදා දීමට මෙම මන්ත්‍රී මුහම්මදු කාසිම් අබ්දුල් සමඩ් නැමැත්තා කටයුතු කර ඇත.

එහිදී උරන වූ ජනතාව ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පල කර ඇති අතර සර්ව ජන බලය මන්ත්‍රීගේ මෙම ක්‍රියාව ප්‍රශ්න කළ තරුණයෙකුට එම මන්ත්‍රී විසින් පහරදෙන අවස්ථාවේ එය වැලැක්වීමට පැමිණි තවත් අයෙකුට පහරදී ඇති අතර එහිදී මන්ත්‍රීවරයාගේ පහරකෑමට ලක්වු ඔහු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙහිදී පහරකෑමට ලක්වු අනෙක් තරුණයාගේ දත් 04ක් කැඩී ගොස් ඇති අතර ඔහු මේ වනවිට රෝහල් ගත කර සිටී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *