රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයට රිච්ටර් පරිමාන ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයකින් බලපෑම් එල්ල වී තිබෙනවා.භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.පළමු කම්පනයෙන් පසු රිච්ටර් පරිමාන ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු පසු කම්පනයක් සිදුව ඇති බව ද සඳහන්.පසුගිය ජුලි මාසයේදී කම්චට්කා ප්‍රාන්තයට රිච්ටර් පරිමාන ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයකින් බලපෑම් එල්ල වූ අතර මෙය එහි පසු කම්පනයක් ලෙස ඇමෙරිකා භූගෝල සමීක්ෂණ ආයතනය නිවේදනය කරනවා.ඇතම් වෙරළ ආරක්ෂිත කලාපයන්හි මුහුදු රළ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ද අල්ජසීරා පුවත් සේවය නිවේදනය කරනවා.කෙසේ වුවද භූ කම්පනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.
අලුත්ම පුවත්
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට
-
නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්
-
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්
-
නාමල් FCIDයට
-
වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට
-
විශ්වවිද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
-
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිගමනට සමුදෙයි
-
ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
-
වී මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න