කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මරදන්කේණි මනල්කාඩු වෙරළ තීරය ආසන්න කැලෑබඳ ප්‍රදේශයක තිබී කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය.

එම ප්‍රදේශයේ තිබූ බෝට්ටුවක් තුළ තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 75කට අධික ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන ඇත.

මනල්කාඩු ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුර සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *