දුරදිග ගිය මුදල් ආරවුල තරුණයෙකුට දිවි අහිමි කරයි

පානදුර දකුණ පොලිස් වසමේ වලාන පාර ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (08) රාත්‍රී කාලයේ පහරදීමක් හේතුවෙන් අදාළ තරුණයා තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. 

මුදල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

මියගිය තරුණයා අවුරුදු 29ක් වූ තුඩැල්ල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වයස අවුරුදු 54ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *