පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට ගෙන ආ යුතු බව කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් පවසනවා.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමේ චෝදනාවට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවයි උන්වහන්සේ කියා සිටියේ.
අනිවාර්ය නිවාඩු යවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිසම පෙරේදා තීරණය කරනු ලැබුවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පැවසුවේ, රාජකාරි පැහැර හැරීමට අදාළව පැවති විනය පරීක්ෂණයෙන් ඔහු වරදකරු වූ බවයි.
කෙසේ වෙතත්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගත යුතු බවයි කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න