සජිත් නායකත්වයෙන් පන්නන්න රහස් සාකච්ඡා.!

විපක්ෂ නායක ධුරයේ වෙනසක් පිළිබඳ රහසිගත සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සමගි ජන බලවේගය (SJB) ජනාධිපතිවරණ දෙකක්, මහ මැතිවරණ තුනක් සහ පළාත් පාලන මැතිවරණයක් වැනි ප්‍රධාන මැතිවරණ ගණනාවකින් පරාජයට පත්ව ඇති පසුබිමක මෙම තත්ත්වය උද්ගතව තිබේ.

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙම ධුරය ඉවත් කර විපක්ෂයේ සිටින වඩාත් ප්‍රබල මන්ත්‍රීවරයෙකුට එය ලබා දිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන්, දේශපාලන විචාරකයන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ බහුජන සංවිධාන නිරන්තරයෙන් යෝජනා කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් නායකත්වය යටතේ විපක්ෂය එහි නිසි භූමිකාව ඉටු නොකරන බවත්, බොහෝ කාලීන ගැටලුවලට නිසි ලෙස මුහුණ නොදී රජයට උපදෙස් දීම පමණක් සිදු කරන බවත්ය. මෙය බරපතල ගැටලුකාරී තත්ත්වයක් ලෙස ඔවුන් හඳුන්වයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *