නීතිවිරෝධීව මෙරට රැඳීසිටි ඉන්දියානුවන් 21ක් අත්අඩංගුවට.!

සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ, වීසා කල් ඉකුත් වූ පසුත්, නීති විරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවෙසක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශය යටතේ පවතින අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් තමන් සතු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු මේ බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කර තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් සියලුම දෙනා වයස අවුරුදු 22 ත් 36 ත් අතර පසුවන්නන් වූහ.

ඔවුන් කඩිනමින් ඉන්දියාව වෙත පිටුවහල් කිරීම සදහා වැළිසර පිහිටි රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *