රාජ්‍ය බැංකුවක ප්‍රධාන කාර්යාලය වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් 188,825,000/= මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් එම බැංකුවේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම බැංකුවේ හිටපු ණය නිලධාරියායි
එම වංචාව සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර හිටපු නිලධාරියා ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (40) ක පුද්ගලයෙකි



ප්‍රතිචාරයක් ලබාදෙන්න