ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක උපන් ඇඳුමෙන් ගිය තායි කතට වසර පහක අත්හිටවූ සිරදඬුවමක්.!

පොතුවිල් සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක උඩුකය නිරුවත්ව, අඩනිරුවතින් ගමන් ගත් තායි ජාතික කාන්තාවට මාස එක හමාරක සිරදඬුවමක් නියම කළ පොතුවිල් මහේස්ත්‍රාත් ඒ. එල්. එම්. හිල්මි මහතා වසර පහකට අත්හිටවන ලෙස නියම කළේය.

ප්‍රධාන මාර්ගයක අවිනීත හැසිරීම සහ මහජන හිංසාව, යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිලිගත් බැවින්, පළමු චෝදනාවට සති දෙකක සිර දඩුවමක් ද දෙවන චෝදනාවට මාස එකක සිර දඬුවමක් නියම කළේය. එම දඬුවම් වසර පහකට අත්හිටු වීමට නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියම වූයේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ සිටි තායිලන්ත ජාතික 26 හැවිරිදි රත්නමානි නපාට් සෝන් නැමැති කාන්තාවකටය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *