ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.
ඊයේ (13) සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත කුඩා ගුවන් යානයක් මද වේලාවකට පසු මෙලෙස කඩා වැටි ගිනිගෙන ඇති බව වාර්තාවේ.
පොලීසිය, හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරණ බව විදෙස් මාධ්‍ය පවසයි.
අනතුරින් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නැත.
තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් නොමැත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න