කොස්ගොඩ වෙඩි තැබීමක්.!

ගාලු පරේ කොස්ගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙක් අද (11) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරකු බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය කියයි.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි විවාහක අයෙක් බවද පොලීසිය පවසයි.

ඔහු සිය ත්‍රිරෝද රථයෙන් භාර්යාව සහ දරුවන් සමඟ යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකර තිබෙන බවද පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල වූ පුද්ගලයාගේ සොහොයුරෙක් වන බාලේ නමැත්තාටද මීට වසරකට පමණ උඩදී නාදුනන තුවක්කුකරුවන් තැබූ වෙඩි තැබීමකින් තුවාල පමණක් සිදු වී ජීවිතය බේරුණු බවද පොලීසිය කියයි.

අහුන්ගල්ලේදී වෙඩි වැදී බේරුණු බාලේ යැයි සිතා ඔහුගේ සොහොයුරාට මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

කොස්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *