ට්‍රම්ප්, ලංකාවට පැනවූ තීරු බද්ද 44% සිට 30% දක්වා අඩුකර ගැනීමට හැකිවීම ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රතිඵලයක්.!

අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබාදී ඇති විශාලතම බදු අඩුකිරීම ලැබී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කර තිබේ.

අප්‍රේල් මාසයේදී 44%ක්ව පැවති තීරුබදු ප්‍රතිශතය ජූලි මාසය වන විට 30%ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙය, අමෙරිකානු තීරුබදු ලැයිස්තුවේ ඇති අනෙකුත් සියලුම රටවල් අතරින් ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළම බදු අඩුකිරීම බවත් ඔහු අවධාරණය කරයි.

මෙම සාර්ථකත්වය රජයේ ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතියේ සහ නිහඬ, අධිෂ්ඨානශීලී රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, අමෙරිකානු පරිපාලනයේ ඵලදායී මැදිහත්වීම සහ මෙම සාකච්ඡා සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ වෘත්තීමයභාවය වෙනුවෙන් සිය හෘදයාංගම ස්තූතිය පුදකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *