යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළ පාර්ලිමේන්තු අනුකාරක සභාව මුල් වරට රැස්වෙයි.!

වර්තමාන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ අන්තර්ගත අධ්‍යාපන සභාව ස්ථාපනය පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාව ප්‍රථම වරට ඊයේ (08) රැස් වී තිබේ.

ඒ එම අනුකාරක සභාවේ සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළ මෙම අනුකාරක සභාව විසින් ගත යුතු ක්‍රියාමාර්ග සහ අනුකාරක සභාවේ අරමුණු සම්බන්ධයෙන් එම අනුකාරක සභාවේ සභාපති , කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදහස් පළ කළේය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යපන ක්ෂේත්‍රයේ ගැටළු විසඳීමට මෙන්ම අධ්‍යාපන වෘත්තීමයභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපනය කරන බවයි.

ඒ අනුව ගුරු සේවය, විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, අධ්‍යාපන පරිපාලන සේවය සහ ගුරු උපදේශක සේවය යන අංශයන්හි පවතින ගැටළු නිරාකණය සඳහා යෝජිත අධ්‍යාපන සභාවේ මූලික අරමුණ බවද මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඊයේ දින රැස් වූ අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ ප්‍රථම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා , වී.එස්. රාධා ක්‍රිෂ්ණන්, මංජුල සුරවීර ආරච්චි, රුවන් මාපලගම සහ සමන්ත රණසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *