හික්කඩුව සමුපකාර ඡන්දයෙන් මාලිමාවට වාර්තාගත ජයක්…

හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා කාරක සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ අපේක්ෂක කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගනිමින් සමුපකාර සමිතියේ බලය තහවුරු කරගෙන තිබේ.

හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් සමුපකාර ප්‍රාදේශික 19 සඳහා කාරක සභිකයන් 97 දෙනකු තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වී ඇත.
කාරක සභිකයන් 97 දෙනාගෙන් 84 දෙනකුම පත්ව ඇත්තේ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අපේක්ෂක කණ්ඩායමෙන් බවද වාර්තා වේ.

ඉදිරියේදී හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තෝරා ගැනීමෙන් පසු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අතරින් සභාපතිවරයකු තෝරා ගැනීමට නියමිතව ඇත.

Spread the news

Comments

One response to “හික්කඩුව සමුපකාර ඡන්දයෙන් මාලිමාවට වාර්තාගත ජයක්…”

  1. මාලිමා ජයග්‍රහණය බිම් මට්ටමේ සාම තැනකම තහවුරු කරමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *