වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද(04) දිනයේ සිට ක්රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සදහන් කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට බිංදුවයි දශම පහයි පහක ප්රතිශතයකින් බස් ගාස්තුව අඩු කර ඇති බවය.
නව ගාස්තු සංශෝධනය යටතේ අවම බස් ගාස්තුව වන රුපියල් 27 දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම තෙවන බස් ගාස්තු අවස්ථාව වන රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව සඳහන් වේ.
කෙසේවෙතත් සිව්වන බස් ගාස්තු අවස්ථාවේ සිට බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සදහන් කළාය.
ඒ අනුව රුපියල් 56, 77, 87, 117,136 සහ 141 ඇතුළු ගාස්තු අවස්ථා කිහිපයක් රුපියලකින් අඩුවන බව සදහන් වේ.
ඊට අමතරව අනෙකුත් සෙසු ගාස්තු අවස්ථා රුපියල් 02කින් සහ 03කින් අඩුවනු ඇත.



ප්රතිචාරයක් ලබාදෙන්න