ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට ලබාදෙන ආධාර මුදල වැඩිකරයි.!

ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය විසින් එක් පුද්ගලයෙක් සඳහා ලබාදෙන රුපියල් 20,000/= ක ආධාර මුදල රු.50,000/= දක්වා වැඩිකර තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේදී ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව මෙම තීරණය ගනු ලැබුවා.

තවද රාජ්‍ය නිළධාරීන් සඳහා සංඥා භාෂාව අතිරේක විශයක් ලෙස ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම, ආබාධ සහිත භාවය පිළිබඳ සකස් කරන ලද වර්ගීකරණය සඳහා සභාවේ අනුමැතිය ලබාදීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙබ් අඩවි පරිශීලනයට ප්‍රවේශ පහසුකම් සහිතව නිර්මාණය කිරීම, යන තීරණ සභාව විසින් ගනු ලැබුවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *