ජනපති අනුර, අස්වැසුම දීමනාව ඉහළ දමයි.!

අස්වැසුම සහනාධාරය 2025 ජනවාරි සිට ඉහල නංවා ඇති අතර, මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024.05.17 දින නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු වෙයි.

මෙතෙකේ රුපියල් 8500 දීමනාව හා රුපියල් 15,000 දීමනාව නව ගැසට් නිවේදනය අනුව රුපියල් 10,000 සහ රුපියල් 17,500 ලෙස ඉහල දමා ඇත.

අනෙකුත් කාණ්ඩ සඳහා දීමනා ප්‍රමාණයන් නොවෙනස්ව පවතී.

Spread the news

Comments

One response to “ජනපති අනුර, අස්වැසුම දීමනාව ඉහළ දමයි.!”

  1. කොච්චර හොඳයිද 🙏🙏🙏

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *