සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නමැත්තාගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමට සැලසුම් කර සිටි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ද සමග පොලිසිය අත්අඩංගුවට ගෙන දින 7ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි බොරැල්ල – වනාත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු නව මැගසින් බන්ධනාගාරයේ ගැටුම ඇති වීමට දින 2 කට පෙර ඇප ලබා පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු, පසුගිය වසරේ දෙහිවල වටරප්පල පාරේදී සිදුකළ ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වනවා.
නව මැගසින් බන්ධනාගාරයේ පසුගිය 6 වැනිදා ඇතිවූ ගැටුම අතරතුරදී මියගිය මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැත්තා කොස් මල්ලිගේ වෙඩික්කරු බවටයි අනාවරණ වුණේ.
එම සිද්ධියට පලිගැනීමක් ලෙස කොස් මල්ලි විසින් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුට පවසා ඇත්තේ බන්ධනාගාර නිලධාරින්ගේ නිවෙස් සොයා ඒ පිළිබඳ තමන්ට දැනුම් දෙන ලෙසටයි.
ඒ අනුව සැකකරු විසින් පානදුර ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නිලධාරියෙකු සම්බන්ධයෙන් තොරතුරු කොස් මල්ලි නමැත්තාට වට්ස්ඇප් ඔස්සේ යවා තිබෙනවා



ප්‍රතිචාරයක් ලබාදෙන්න