පිහිනුම් තටාකයේ ගිලී සිසුවෙකු ජීවිතක්ෂයට.

පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට ගිය පාසල් සිසුවෙකු පිහිනුම් තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ සිසුවා තවත් සිසුන් පිරිසක් සමග පාසලේ ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී ක්‍රිකට් පන්දුව එම විද්‍යාලයේම පිහිනුම් තටාකයට වැටී ඇති අතර ඔහු එය ගැනීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුරට මුහුණ දී ඇත. 

මෙලෙස මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 17ක් වන පාසල් සිසුවෙකි.

මෘත ශරීරය මෙ වන විට බතිගම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *